තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරයේ හිංසන…! රහස් ප්‍රදේශ තුවාල වෙලා..!

December 7, 2022 at 12:18 am | by emanisa.lk

බරපතල මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි බන්ධානාගාරය තුළ අසාමාන්‍ය පරීක්ෂා කිරීමකට ලක්කර  ඇති බවට චෝදනා කරමින් අද  (6)  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ මංජු ශ්‍රි චන්ද්‍රසේන විසින් ඊයේ මෙම පැමිණිල්ල  ඉදිරිපත්  ඇත.

බන්ධනාගාර නිලධාරිණියන්ගේ මෙම අසාමාන්‍ය ශරීර පරීක්ෂා කිරීම් තුළින්  තිළිණි ප්‍රියමාලිගේ රහස් ප්රාදේශවලට තුවාල ද සිදුව ඇති ඇයට බන්ධනාගාර රෝහලින් ඒ වෙනුවෙන් ඖෂධ  පවා ලබා දී ඇති බව මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන්  වේ.

තිළිණි ප්‍රියමාලි සතුව  ජංගම දුරකතනයක්  හමුවීමත් සමග බන්ධනාගාර හදිසි ප්‍රතිචාර  උපක්‍රමික බලකායේ  නිලධාරීන්යන් ඇය නිතර නිතර පරීක්ෂා කිරීම සිදුකරන බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හෝ අත්වැසුම්  නොදමා  ඇයට පරුෂ වචනයෙන් බැන වදිමින් අවස්ථා කිහිපයකදී ම  ඇය  පීඩාවට පත්කරමින් මෙම  පරීක්ෂා කිරීම් සිදුකරන බවද  එම පැමිණල්ලේ  සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් ඇය සිදුකළ පැමිණිල්ලකට අනුව බන්ධනාගර රෝහලෙන් ප්‍රතිකාර ලබා දී ඇති බවද මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙමගින්  ඇගේ මානව හිමිකම් උල්ලංඝනයක් සිදුව ඇති බවත්, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *