තවත් යුද අපරාධ චෝදනාවක් බොරුවෙයි! තිරිකුණාමල සිසු ඝාතන නඩුවෙන් STF සෙබළු නිදහස්!

July 4, 2019 at 6:19 am | by emanisa.lk

වසර 06ක් පුරා තිරිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි විභාග වු නඩුව අවසන් කරමින් තිරිකුණාමලය ගාන්ධි වටරවුමේ සිදුවු සිසු ඝාතනයට අදාල නඩුවේ චෝදනාවලින් විශේෂ කාර්ය බලකා නිලධාරින් 13 දෙනා ඊයේ (03) නිදහස් කෙරිණි.

2006 වසරේ ජනවාරි 02වනදා ත‍්‍රිකුණාමලය වරාය පොලිස් වසමට අයත් මුහුදු වෙරළ පාරේ පිහිටි ගාන්ධි වටරවුමේදි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබිණි.

සිද්ධියට අදාළව 2006 පෙබරවාරි 14 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර පසුව රදවා ගැනිමේ නියෝග මත මාස 02ක කාලයක් අත්අඩංගුවේ තබා ගෙන සිට, ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් පසුව ඔවුන් නිදහස් කෙරිණි.

එහෙත් දේශපාලන බලපෑම් මත සාධාරණ පරීක්ෂණයක් නොවූ බවට මෙම සිදුවිම සම්බන්ධයෙන් එල්ල වු අන්තර්ජාතික බලපෑම හමුවේ 2013 වසරේ ජුලි 04වනදා මෙම පිරිස යළි අත්අඩංගුවට ගෙන තිරිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. ඊට පසු අදාළ නඩුව නැවත විමසනු ලැබීය. ඊයේ ලැබුණේ එම නඩුවේ තීන්දුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස