ත්‍රස්තවාදීන්ට සලකන්න ඕන සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස ක්‍රමේට…! ගෝඨා නවගුණ වැල දා ගෙන ත්‍රස්තවාදීන්ට බණ කිව්වා…! – සනත් නිශාන්ත..

July 27, 2022 at 12:56 pm | by emanisa.lk

අරගල භූමියේ කූඩාරම්වල ගංජා කුටි, අයිස් කුටි සහ හෙරොයින් කුටි වෙන වෙන ම පවතින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් වෙත මේ බව ප්‍රකාශ කළ බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට මුහුණ දුන් ත්‍රස්තවාදයට නිවැරදි ලෙස මුහුණ නොදුන් බව සනත් නිශාන්ත ප්‍රකාශ කරයි.

සිරිමා බණ්ඩානායක අගමැතිතුමිය 1971 කැරැල්ලට ද ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස 88-89 ත්‍රස්තවාදයට ද නිවැරදි ලෙස මුහුණ දුන් බව ද ත්‍රස්තවාදීන් නවගුණ වැල අතේ තබා ගෙන බුදු ගුණ ගයා පලක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ එම ආකාරයට ත්‍රස්තවාදීන්ට නොසැලකූ නිසා රට අරාජික වූ බවයි, සනත් නිශාන්ත ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *