තහනම එක රැයින් කැන්සල්..! රංජන් කටුනායකින් ඇමරිකාවට..!

October 29, 2022 at 9:49 am | by emanisa.lk

රන්ජන් රාමනායක අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටාර් බලා පිටත්ව ගියේය. කටාර්වල සිට ඔහු අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

රන්ජන් රාමනායක පෙරේදා රාත්‍රී අමෙරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණිය ද ඔහු වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙන් එම ගමන ව්‍යවර්ථ විය.

අනතුරුව ඊයේ ඔහු ඒ පිළිබඳ විමසීමට අධිකරණයට පැමිණි බව වාර්තා වුව ද එහි දී කිසිදු තීන්දුවක් ගත් බවක් සඳහන් වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *