තවුහිද් ජමාත් මහ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා මහා උස සිංහලයා ඇමති පාඨලි චම්පික?

May 2, 2019 at 2:51 pm | by admin

තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධානියකු ලෙස සැලකෙන ජයිනුල් ආබ්දීන් නැමැත්තා ශ්‍රී ලංකාවට ගෙන්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දේශනයක් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය සහ ඉස්ලාම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලබා දීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබේ.

2015 නොවැම්බර් 08 වෙනිදා මෙම දේශනය පවත්වා ඇති අතර රටේ ආගමික සහජීවනයට බාධාකාරී වන මෙම අන්තවාදියාට මෙරටට පැමිණීමට හෝ දේශන පැවැත්වීමට අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණෙ මොහොමඩ් මුසාම්මිල් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වුවද මෙම සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක බවත් ඔහු තම සහභාගීත්වය තහවුරු කර ඇති බවත් ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් තහවුරු කර තිබේ. අබ්දුල් රාසික් යනු බුදුන් මිනී මස් කෑ බවත් තෙරුවන යනු මැණික් ගල් තුනක් බවත් පැවසූ පුද්ගලයාය. කෙසේ වුවද ඇමතිවරයා මෙම සමුළුවට සහභාගී වූයේ ද යන්න වාර්තා වන්නේ නැත.

එම හඬ පටය මෙන්න..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස