තමුසේ මහාචාර්ය කෙනෙක් නෙනෙමයි..! වහාම කට වහපන්…! – හකීම්ගෙන් රොහාන් ගුණරත්නට ප්‍රහාරයක්…

August 29, 2023 at 3:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් මහාචාර්ය රොහාන් ගුණරත්න වෙත දැඩි ලෙස බැන වැදීමක් සිදු කර තිබේ.

ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආරක්ෂක ආංශික සභාව හමුවට මහාචාර්යවරයා පැමිණි අවස්ථාවේදීය.

පාස්කු දින ප්‍රහාරය ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයක් බව සාක්ෂි සහිතව සනාථ වන්නේ යැයි රොහාන් ගුණරත්න එහිදී පෙන්වා දීමට ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයා මෙසේ බැණ වැදී ඇත.

මන්ත‍්‍රීවරයා සඳහන් කර ඇත්තේ “ඔබ මහාචාර්යවරයෙක් නෙවෙයි. වහාම ඔය කතාව නවත්තන්න” යනුවෙනි.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට කැඳවා ඇත්තේ මෙම ආංශික සභාවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් මෙම ආංශික සභාව සතිපතා රැස්වීවන අතර මෙහි සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද පත්කර තිබේ. පසුගිය 24 වනදා මහාචාර්යවරයා කැඳවා ඇති අවස්ථාවේ මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.

එහි දී කමිටුවේ සභාපති සරත් වීරසේකර සඳහන් කර ඇත්තේ ආංශික සභාවේ ආරාධනයක් මත පැමිණ ආරාධිතයෙකුට බැන වැදීම හා ඔහුගේ සුදුසුකම් පරික්ෂා කිරීම නුසුදුසු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *