ඩීල්කාරයෝ නිසා අපට එක හොරෙකුට දඬුවම් දෙන්න බැරිවුණා! මේවා අපට හොඳ පාඩම්! – හිරුණිකා

December 19, 2019 at 8:32 am | by emanisa.lk

ආණ්ඩුව පත්වී මාසයක් ගෙවෙන විට කිසිම අදාළත්වයක් නොමැතිව පාඨලී චම්පක රණවක අත්අඩංගුවට ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

විපක්ෂයේ සිටින ජනතාවට ඇත්ත පහදා දිය හැකි අය අතර ප්‍රථමයා වන පාඨලී අත්අඩංගුවට ගැනීම ඔස්සේ විපක්ෂය නිහඬ කිරීමට පණිවිඩයක් ලබා දී ඇති බව ද ඇය පෙන්වා දෙයි.

සිය ආණ්ඩුව සමයේ කිසිදු හොරෙකුට මිනි මරුවෙකුට තමන් සමග සිටි ඩීල්කාරයන් නිසා කිසිදු දඬුවමක් ලබා දීමට නොහැකි වූ බව සඳහන් කළ මන්ත්‍රීවරිය මේවා තමන්ට හොඳ පාඩම් බව ද සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *