මොරටු නගරාධිපති හිරේ දාලා ඔහු හඳුන්වා දුන් ටෝකන් ක්‍රමේට දිගට ම එන්නත් දෙනවා…!

June 3, 2021 at 10:09 pm | by emanisa.lk

මොරටු නගරාධිපතිවරයා විසින් එන්නත්කරණය සඳහා හඳුන්වා දුන් ටෝකන් ක්‍රමය මේ වන විට මුළු කොළඹ ම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

ඔහු ඒ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

“අද කොළඹ බොහෝ ප්‍රදේශවල එන්නත් ලබා දී තිබුණා. ඒ අර ටෝකන් ක්‍රමය යටතේ. මේක හඳුන්වා දුන්නේ මොරටුව නගරාධිපති. ඒක ඉතාම ප්‍රායෝගික විදියක්.

හැබැයි ජඩ මාධ්‍ය ගත්තෙ අර සංවාදය විතරයි. සංවාදය ඇති වුණෙත් MOH වෛද්‍යවරිය මේ ක්‍රමය ප්‍රතිකේෂ්ප කරපු නිසා. හැබැයි මුල් දවස් දෙකේ ඇය මේකට අනුව කළා. ප්‍රශ්නයක් නැතුව වැඩෙත් වුණා.

එදා මොරටුවෙ ටෝකන් දීල තියෙද්දි රෑ ඇය ලවුඩ්ස්පීකර් බැඳල මුළු ⁣මොරටුවට ම එන්නත ගහන්න එන්න කිව්වා. ඒකෙන් වුණේ පෝලිම් දෙකක් හැදුන එක. අපි අර දැක්ක සංවාදෙ දි නගරාධිපති කියනව ටෝකන් ක්‍රමයට ආපු අයටයි පීකර් බැඳල ගෙන්නපු අයටයි දෙගොල්ලටම ම එන්නත ගහන්න ඕන නිසා පෝලිම් දෙකෙන්ම පස් දෙනා බැගින් ගමු කියල.

ගොඩක් අය හිතුවෙ ඒ පිරිස නගරාධිපතිගෙ හෙංචයියන් කියල. නෑ, ඒ මොරටුවෙ එක වසමක මිනිස්සු. එතන දේශපාලනයක් නෑ. හැබැයි දොස්තර නෝනා මේක බෑ කිව්වා. ඔන්න බහින්බස් විම පටන් ගත්තා. දොස්තර ගිහිං පැමිණිලි කළා රාජකාරියට බාධා කළා කියල. හැබැයි දැන් ඒ දොස්තරත් අර ටෝකන් ක්‍රමයටම එන්නත ගහනව.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *