ටිිකිරි ඇතින්න මිය ගියේ පෙරහැරට සහභාගී නොකළ නිසා ඇති වූ සිත් තැවුළෙන්! – හිමිකරු

October 2, 2019 at 1:15 pm | by emanisa.lk

පෙරහැරට සහභාගි නොකර සිටීම නිසා සිත් තැවුලට පත්ව ටිකිරි ඇතින්න මිය ගිය බව ටිකිරිගේ අයිතිකරු වූ හිරිවඩුන්න රංදෙණිය පදිංචි එල්. එල්. තිලකරත්න පවසයි.

එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.

“මේ මියගොස් ඇති ටිකිරි ඇතින්නගෙන් කිසිදිනක බර වැඩ ගත්තේ නැහැ. පෙරහැරවලට පමණයි සහභාගි කරවා ගත්තේ. මේ අවුරුද්දේ මාලිගාවේ පෙරහැරට ගිහින් රන්දෝලි පෙරහැරට දින කිහිපයක් සහභාගි වුණා. ඇතින්න ආඩම්බර ලීලාවෙන් පෙරහැරේ ගියා. ඇත් පංතිය තනි කරලා දවසක් පමණ නොගිහින් සිටියා. ඒ සිත් වේදනාවට ඇතින්නට මේ වාගේ දෙයක් වුණේ.

ඇතින්න නැගිටින්න බැරිව සිටිනවා කිව්වට අපි ගියාට පස්සේ නැගිට්ටා. නැගිටලා ගෙදරත් ආවා. ගෙදර ආවට පස්සේ මාධ්‍යයෙන් පවා පෙන්නුවා ඇය සුවසේ සිටිනවා කියා. ඇතින්න අපි වැඩි කාලයක් බැඳලා තිබ්බේ නැහැ. ගෙදර වත්තේ හිටියේ. ඇය බැන්ඳත් දම්වැල්වලින් බැන්ඳේ නැහැ. කඹ දමලා බැඳලා තිබුණේ. එයාගේ මානසික ඇදවැටීම නිසා ලොකු ‘ෂොක්’ එකක් වෙලා නැති වුණේ. ඇතින්නට වයස අවුරුදු 78 ක් වෙනවා. සාමාන්‍යයෙන් එය උපරිම වයස වෙන්නත් පුළුවන්.

දම්වැල්වලින් බැඳලා නැත්තේ එතරම්ම ඇය හීලෑ නිසයි. මියයන තෙක් කිසිම තුවාලයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. පෙරහැරට සහභාගි නොකළ වරද තමයි ඇතින්නගේ සිත්තැවුලට හේතුව. ඒ නිසා ටිකිරිගේ මරණය සිදුවුණා.”

ටිකිරි දළදා පෙරහැරට සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ සත්ව අවිහිංසාවාදී සංවිධාන විසින් ඊට එරෙහිව ගෙන ගිය ප්‍රචාරය නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස