ඥානසාර උඹ කියන දේවල් සිංහලයොවත් අහන්නේ නෑ! අපි කියන දේ මුස්ලිම් විතරක් නෙමේ සිංහලයොත් අහනවා! – අබ්දුල් රාසික් (video)

May 8, 2019 at 8:42 am | by admin

සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට උඹ යැයි ද බොදුබල සේනාවට බලුබල සේනාව යැයි ද පරුෂ වචනයෙන් බැණ වදින වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

ඥානසාර හිමියන්ගේ අදහස් සිංහල සමාජය පවා පිළිනොගන්නා බවත් තමන්ගේ අදහස් මුස්ලිම් සමාජය පමණක් නොව සිංහල සමාජය ද පිිළිගන්නා බවත් අබ්දුල් රාසික් පවසයි.

මෙම ජන හමුව ඔවුන් පවත්වා ඇත්තේ GSP+ පහසුකම ලබා ගැනීමට මුස්ලිම් විවාහ නීතිය වෙනස් කළ යුතු බවට යුරෝපා සංගමය පැනවූ කොන්දේසීයක් ඉටු කිරීමට ආණ්ඩුව සූදානම් වන විට ඊට එරෙහිවය.

බුදුන් මිනි මස් කෑ බවත් තෙරුවන් යනු මැණික් ගල් තුනක් බවත් පවසා බුදු දහමට අපහාස කොට පසුව සමාව ගත්තේ මොහුය. එම කාලයේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග කටයුතු කළ රාසික් පසුව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය බිහි කළේය.

ජාතික තවුහිද් ජමාත් කළ ත්‍රස්ත ප්‍රහාරය තමා අනුමත නොකරන බවත් එයට තමා සම්බන්ධ නැති බවත් අබ්දුල් රාසික් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස