ජොබ් එකක් ගෙයක් දෙන්නම්! මන්ත්‍රී චානකගේ වාහනේට පොඩි බඩුවක් දාන්න! – සජිත්ට විරුද්ධය පැමිණිල්ලක් (video)

February 26, 2019 at 4:17 am | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානකගේ වාහනයට අනීතික යමක් දමන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙකු තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන් තමන්ට දැනුම් දුන් බව පවසමින් අද (25) තරුණයෙකු පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම තරුණයාට සහ ඔහුගේ පෙම්වතියට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රැකියා සහ නිවසක් ලබා දීම සඳහා මෙම කාර්ය කරන ලෙසට උපදෙස් දුන් බව එම තරුණයා වැඩි දුරටත් සඳහන් කළේය. එසේම අනතුරුව තරුණයා සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂක අංශයට බඳවා ගන්නා බව ද පවසා තිබේ.

මේ බව ප්‍රකාශ කරමින් දිවුරුම් ප්‍රකාශයක් මඟින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මීගමුව දාගොන්න පදිංචි අජිත් ලක්මාල් නමැති තරුණයෙකි.

අද දහවල් 12.30 පමණ පොලිස් කොමිසමට පැමිණිල්ලක් කිරීමට පැමිණෙන අවස්ථාවේ පොලිසියෙන්ද බාධා එල්ල වු බව ඔහුගේ නීතිඥයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස