ජේ.ආර්. බණ්ඩාරනායක පවුල බෙදලා දිනුවා වගේ රනිල්ට රාජපක්ෂ පවුල බෙදලා දිනන්න ලැබෙන්නේ නෑ!

March 25, 2019 at 10:17 pm | by admin

ජේ. ආර්. ජයවර්ධන මාමා බණ්ඩානායක පවුල දෙකඩ කොට ජනාධිපතිවරණය ජයගත් ආකාරයට රාජපක්ෂ පවුල කඩා ජනාධිපතිවරණය ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ බෑනාට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

“ජාතික ආණ්ඩුව හා විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම දැන් නැවතත් කරළියට ඇවිත්.. මේ කාරණා කරළියට එන්නේ මොන වෙලාවටද.. ඔබ මාධ්‍යයෙන් වාර්තා කළා රාජපක්ෂ පවුලේ සාමාජිකයින් එකතු වෙලා නුදුරු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවකට ආපු බව.. ඒ තීන්දුව රාජපක්ෂ පවුලෙන් හෝ ඒකාබද්ධ විපක්ෂය විදියට ප්‍රකාශ කලේ නැහැ.. නමුත් මාධ්‍ය වාර්තා කළා.. මේ වාර්තා කිරීමෙන් පස්සේ හැංගි හැංගි වෙස් බැදපු ජාතික ආණ්ඩු කෝළමත්, විධායක ජනාධීපති කෝළමත් කරලියට ආවා.. ගෝඨාභය රාජපක්ෂ මහතා පවුලේ නියෝජිතයා විදියට ඉදිරිපත් කරන්න තින්දු කළා කියලයි වාර්තා කලේ.. ඊට පස්සේ මේ කෝලම් දෙක කරලියට ආවා..”

“1982 ජනාධිපතිවරණ මෙහෙයුම මතක ඇති.. එදා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජයග්‍රහණයේ උපක්‍රමය බණ්ඩාරනායක පවුල දෙකඩ කිරීමයි.. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා එතුමිය පිටියෙන් එළියේ තියලා බණ්ඩාරනායක පවුල කැඩුවා.. එහෙමයි ජේ. ආර්.ජයවර්ධන මහතා අපේ ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුව මහතා පරාජය කරලා දැම්මේ.. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බෑණෑ වෙන රනිල් වික්‍රමසිංහ මහතාත් හිනයක හිටියා.. බණ්ඩාරනායක පවුල කැඩුවා වගේ රාජපක්ෂ පවුලත් කඩන්න පුලුවන් කියලා.. බැසිල් – ගෝඨා අතර අර්බුදයක්.. ජනාධිපති අපේක්ෂකත්වය නිසා රාජපක්ෂ පවුල බෙදිලා වැනි පුවත්වලින් පත්තර පිටු පිරුණා.. නමුත් වගකීමෙන් අපි කියනවා.. බණ්ඩාරනායක පවුල බෙදුවා වගේ රාජපක්ෂ පවුල බෙදන්නත් බැහැ.. කඩන්නත් බැහැ..

“බැසිල් රාජපක්ෂ මහතා ඉතා ජව සම්පන්නව මැතිවරණ යාන්ත්‍රණය නිර්මාණය කරමින් සිටිනවා.. මේ රටේ ලාබාලම පක්ෂය ජයගත්තේ ඒ හැකියාව හා නිර්මාණශීලි භාවය නිසා.. මේ සියල්ල නිසා තැතිගත්තු අපේ දේශපාලන විරුද්ධවාදින් මේ කෝළම් දෙක කරළියට ගේනවා..”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස