ජීවිතේ ඉතිරි කාලේ වනගත වෙනවා! වඳ වෙන කොටි රකින්න කැප වෙනවා! – සජිත්

November 20, 2019 at 11:17 pm | by emanisa.lk

ජීවිතයේ ඉතිරි කාලය වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින කොටි සංරක්ෂණය සඳහා යොදවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු සිය අනාගත සැලසුම් පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

” දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන #PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව කැප කරමි.” යනුවෙන් එහි සදහන් වෙයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කරන ලෙස මන්ත්‍රිවරුන් ගණනාවක් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇති බවය.

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ පසු 2015 මහින්ද රාජපක්ෂ බැලීමට ස්වේච්ඡාවෙන් ජනතාව ගිය ආකාරයේ වැඩසටහනක් සංවිධානය කිරීමට ද සජිත් පිලේ පිරිසක් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස