ජාලියට කන්කසන්තුරේට මාරුවක්! අජිත් රෝහණ නැවතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක!

October 11, 2020 at 2:07 pm | by emanisa.lk

වහාම ක්‍රියාත්මකවන පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කර අජිත් රෝහණ නැවත එම ධුරයට පත්කර තිබේ.

සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා විය.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, පොලිස් අධිකාරීවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු ස්ථාන මාරු කර ඇති බව සඳහන් වේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නැවත පත් කර තිබේ.

ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජේ. වෙදසිංහ බස්නාහිර පළාත් උතුරු දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා විය.

මීට අමතරව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර තිබේ.

විනය හේතූන් මත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස අදාල ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස