ජාතිවාදී ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් අනුව සිරුරු භූමදානය කළේ නෑ! – චමින්ද විජේසිරි

November 15, 2020 at 9:48 pm | by emanisa.lk

කොරෝනා ආසාදිත මරණ ආදාහනය කරනවාද භූමදානය කරනවාද යන ප්‍රශ්නය නිර්මාණය කළේ ආණ්ඩුව බව සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ආරම්භයේ සිට ම මුස්ලිම් මළ සිරුරු භූමදානනය කිරීමට වර්තමාන ආණ්ඩුව ඉඩ දුන්නේ නම් කිසිදු ගැටළුවක් ඇති නොවන බව ඔහු සඳහන් කරයි.

අද රට මුහුණ දී ඇති මෙම ප්‍රශ්නයට වගකිව යුත්තේ මෙම අන්තවාදී ජාතිවාදී ආණ්ඩුව බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස