ජාතිය හඬා වැටෙද්දී ලෝකයට විහිළු සැපයීම නවතා සමාජජාලා තහනම ඉවත් කරනු!

April 27, 2019 at 8:58 am | by admin

රටේ ප්‍රශ්නයක් ඇති වූ වහා සමාජජාලා තහනම් කරන එකම රට ශ්‍රී ලංකාව බවත් තාක්ෂණය දියුණු ලෝකයේ සමාජජාලා තහනම විහිළුවක් බවත් පවසන පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා සමාජජාලා තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

බොහෝ දෙනා වී.පී.එන් භාවිත කර සමාජ ජාලාවලට ගොඩවන බවත් සමාජජාලා තහනමක් පනවා ජනාධිපති අගමැති සමාජජාලාවලට පණිවිඩ එකතු කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

අද (26) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පල කර සිටියේය.

සමාජජාලා තහනම් කළේ වෛරි ප්‍රකාශ පැතිරීමේ අවදානම නිසා යැයි පැවසුව ද සමාජජාලා හරහා වෛරී ප්‍රකාශ පතුරන බවක් තමා නොදුටු බවත් ඒ වෙනුවට දැක්කේ සැක කටයුතු වාහන පිළිබඳ තොරතුරු ලේ බැංකුවට අවශ්‍ය ලේ පිළිබඳ තොරතුරු පැතිර වීමට සමාජජාලා භාවිතා කරන ආකාරය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ලෝකයේ වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඇඳේ නිදා ගෙන සිටින අතර බව ද දෙවනුව මිය ගොස් ඇත්තේ වාහනවල ගමන් කිරීමේ දී බව ද පවසන මන්ත්‍රීවරයා දැන් ඇඳෙ නිදා ගැනීම සහ වාහනවල ගමන් කිරීම තහනම් කරන්නේ දැයි ප්‍රශ්න කරයි.

එහෙයින් ජාතිය හඬා වැටෙන මොහොතක ලෝකයට විහිළු නොසපයා සමාජජාලා තහනම ඉවත් කරන ලෙස හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස