ජාතික ලැයිස්තු මන්ත්‍රී ෆවුසි ශ්‍රීලනිපයෙන් පන්නයි!

November 22, 2019 at 8:18 am | by emanisa.lk

ඒක්සත් ජනතා නිදහස සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පක්ෂයෙන් ඉවත් කළ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (22) දැනුම් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඒ.එච්.එම්. ෆවුසි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි. එහෙත් විනය කමිටුව හමුවේ පෙනී නොසිටි මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිප පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (21) රාත්‍රියේ තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ. රිෂාඩ් බදියුදීන් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට රතන හිමි උපවාසයක් ආරම්භ කළ අවස්ථාවේ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වන තැනට සංවිධාන කටයුතු කළේ ද මොහුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස