ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වෙයි!

June 8, 2019 at 5:08 pm | by emanisa.lk

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මෙම ඉල්ලා අස්වීම තහවුරු කර ඇති අතර වහාම නව නිලධාරියකු පත් කරන බව දැනුම් දී තිබේ.

ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සෞඛ්‍ය හේතු මත ඉල්ලා අස් වන බව දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට පසුගියදා ඔහු කැඳවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස