ජාතික ජන බලවේගයේ කොටස්කාරයොත් පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරිල..! මාවනැල්ල බුදු පිළිම කැඩුවෙත් එහි පිරිසක්….!

March 15, 2021 at 10:01 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම මගින් තහනම් කළ යුතු බවට නිර්දේශ කර ඇති ජමාතේ ඉස්ලාම් සහ ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයන් රට තුළ වහාබ් සහ ජිහාඩ් අන්තවාදය පැතිරවීමට ප්‍රබල ලෙස දායක වී ඇති බව අනාවරණය වී තිබේ.

1994-2018 දක්වා මෙම සංවිධානයේ නායකත්වය දරා ඇත්තේ පසුගිය දා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් රෂීඩ් හජ්පුල් අක්බාර් නැමැත්තා ය. අල් හසනාත් නැමැති එම සංවිධානයේ සඟරාව ඔස්සේ ලිපි ලේඛන සම්පාදනය කරමින් මොහු මුස්ලිම් අන්තවාදය පැතිරවීමට කටයුතු කර තිබේ.

මොහු මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සාදික් අබ්දුල් හක්, මොහොමඩ් ඊබ්‍රාහිම් ෂහීඩ් සහ සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන්නට දිවුරුම් දුන් මොහොමඩ් ඊබ්‍රාහිම් ෂහීඩාගේ පියාගේ සොහොයුරෙකි.

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ හක් සහෝදරයින් මෙන් ම පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දෙහිවල ට්‍රොෆිකල් ඉන් අවන්හල තුළ මරාගෙන මැරුණු ජමීල් මොහොමඩ් ද ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ශාඛාවක් වන ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරීන් බව අනාවරණය වී තිබේ.

පසුගිය මහා මැතිවරණයේ දී ජමාතේ ඉස්ලාම් සංවිධානය සහාය පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ මුල් වී ගොඩනැඟූ ජාතික ජන බලවේගයට වීම විශේෂත්වයකි. ජමාතේ ඉස්ලාම් ජාතික ජන බලවේගයට සහය දැක් වූ සංවිධාන 28 අතරින් එකකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස