ජවිපෙ ආණ්ඩුවක් යටතේ සියලු පෞද්ගලික දේපළ රාජසන්තකයි..!

February 19, 2023 at 8:13 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ රටේ සියලු ම පෞද්ගලික දේපළ රාජසන්තක කරන බවට එම පක්ෂයේ නිල වෙබ් අඩවි සඳහන්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

පෞද්ගලික දේපළ රාජසන්තක කළ පසු ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් බිහි බිහි වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ජනතාවගේ නිවාස පවා මෙලෙස රාජසන්තක කරනු ඇතැයි සජිත් ප්‍රේමදාස අනතුරු ඇඟවූයේ ය.

එවන් තත්ත්වයේ රටක් දියුණු වන්නේ කෙසේදැයි ඔහු රත්නපුරේදී පැවති ජන හමුවක් අමතමින් ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *