පාදෙණිය අපරාජිතයි…! ජයසුන්දර බණ්ඩාරගේ GMOA සභාපති නාම යෝජනා ප්‍රතික්ෂේපයි….!

June 1, 2021 at 8:21 am | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සඳහා තරඟ වැදීමට ඉදිරිපත් වූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

ජයසුන්දර බණ්ඩාර විසින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය යාවත්කාලීන කර නොගැනීම නිසා මෙලෙස ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ වන විට වසර 10කට ආසන්න කාලයක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. පසුගිය වසරේ ඔහු එම තනතුරට පත්වූයේ නිතරඟයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *