ජපානයේ අවු. 50ක් හිටියත් උද්ඝෝෂණයක් දැක්කේ නෑ…! මේ රටේ හැමදාම විරෝධතා උද්ඝෝෂණ…! රට වනසන්නේ වෘත්තීය සමිතිකාරයෝ…! – ජපානයේ ප්‍රධාන සංඝනායක හිමි…

August 15, 2022 at 10:46 am | by emanisa.lk

සියලු නායකයින් රටේ පාලන වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරද්දී එය භාරගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි හිමි පවසයි.

දැන් අනෙක් අයගේ වගකීම ජනාධිපතිරයා සමග එකතු වී රට ගොඩනැඟීම බව ද එහිමියෝ අවධාරණය කළහ.

අද මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලය දක්වා උද්ඝෝෂණ විරෝධතා කරන බවත් මේ රට විනාශ කරන ප්‍රධාන බලවේගය වෘත්තීය සමිති බවත් විපස්සි හිමි පෙන්වා දුන්නේය.

තමන් වහන්සේ අවුරුදු 50ක් පමණ ජපානයේ වාසය කළත් කිසිදු දවසක එහි උද්ඝෝෂණයක් දැක නැතැයි ද එහිමියෝ පැවසූහ.

කොළඹ ප්‍රදේශයේ දී උත්සව අවස්ථාවකට එකතු වෙමින් පැල්පොල විපස්සි හිමි මේ බව ප්‍රකාශ කළහ.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *