ජන වෛරී ඇමැතිට ඕන විදිහට විදුලි බිල වැඩි කරන්න බෑ…! – ඕමල්පේ හිමි…

December 26, 2022 at 7:29 pm | by emanisa.lk

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව ඇමතිවරයාගේ තනි කැමැත්තට විදුලි බිල ඉහළ දැමිය නොහැකි බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරයකින් සහ නිර්දේශයකින් තොරව ඇමතිවරයාගේ තනි කැමැත්තට එහෙම විදුලි බිල වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. එවන් පියවරක් ගත්තොත්, ජනහිතකාමි නීතිඥයෝ ඉන්නවා, අපි ආරාධනා කරනවා නීතිඥ මහත්තරුන්ට එන්න ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග අපි ගත යුතුව තියෙනවා.”

විදුලිබල මණ්ඩලයට අතීතයේ සිදු වූ අලාභ පියවා ගැනීමට ජන වෛරී අමාත්‍යවරයාට ඇති එක ම විසඳුම බවට පත් වී ඇත්තේ, විදුලි බිල වැඩි කිරීම මගින් ජනතාවට තවත් බර පැටවීම බව ද උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *