හි.පා.ම. සෝභිත හිමි හැමදාම කළේ දේශපාලනය..! අද විදුලි බිලෙනුත් කරන්නේ දේශපාලනය…! -ඇමැති කාංචන…

September 14, 2022 at 8:53 am | by emanisa.lk

විදුලි බිල ඉහළ නැංවීමට හේතු වන්නේ දේශපාලනඥයින්ගේ වැරදි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 05ක් ද ජාතික හෙළ උරුමයේ නායකයා ලෙස ද කටයුතු කළ ඕමල්පේ සෝභිත හිමි ද ඊට වගකිව යුතු බව විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

විදුලි බිල ඉහළ නැංවූ නිසා බිල නොගෙවන බවත් ජනතාවට ද නොගෙවන ලෙසත් ඉල්ලමින් ජනතාව කුපිත කරමින් අදත් සෝභිත හිමි කරන්නේ දේශපාලනයක් බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

එලෙස ජනතාව විදුලි බිල නොගෙවා සිටියහොත් විදුලි උත්පාදනය කරන්නේ කෙසේ දැයි ඇමැති විජේසේකර ප්‍රශ්න කරයි.

මේ අවස්ථාවේ සියලු දෙනා කළ යුත්ත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිතය බවත් රටෙහි අර්බුදය දඩමීමා කරගෙන දේශපාලනය කිරීම නොවන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *