ජනාධිපති සිරිසේනට අකීකරු වුණ අපට වැරදුණා…! ඔහු කී දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ…! – හරීන්…

January 13, 2021 at 8:57 pm | by emanisa.lk

තමන්ට තර්ජනයක් ඇත්තේ ජනාධිපතිතුමාගෙන් නොව ඔහු වටා සිටින ඇම්බැට්ටයින්ගෙන් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

නිදහස් චතුරස්‍රය අසල අද (13) සංකේත විරෝධතාවක නිරත වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මරණ තර්ජනයක් නොවුණ ද නමක් කියා මරණයක් ගැන කී විට එය තර්ජනයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ පීඩනයත් සමග යම් වැරදි වචනයක් ප්‍රකාශ කළ ද තමන්ට ඔහු සමඟ පෞද්ගලික තරහක් නැතැයි ද හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.

කෙසේ වුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලැබූ නිදහස නැති කරගෙන ඊට පසුව අඬන්න එපා යැයි කීවේ මන්දැයි දැන් වැටහෙන බව ද මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.

තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ පොලිස් ආරක්ෂාව නොව නිදහසේ කතා කිරීමේ ආරක්ෂාව බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ හඬට කන් නොදෙන්නේ නම් ඉදිරියේ දී මුළු රට ම ආණ්ඩුවට එරෙහිව පෙළ ගස්වන බවත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස