ජනාධිපති ඇමරිකා ගිහින් ලෝක බලවතුන් ගොඩක් යාළු කරගත්තා..!

September 26, 2023 at 3:14 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළ ද, එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පවසයි.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී අවස්ථාව ලැබුණු බව ද රුවන් විජයවර්ධන පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *