ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාවට මුවා වෙලා රාජ්‍ය අකර්මණ්‍ය කරලා!- ඇමති පාඨලී

June 12, 2019 at 6:01 pm | by emanisa.lk

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ ප‍්‍රධානියා, ආණ්ඩුවේ – කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා, මෙන්ම විධායකයේ ප‍්‍රධානියා නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමෙන් බැඳී සිටින්නේ යැයි ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

දින 51 ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සමයේ ජනාධිපතිවරයාට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු කළ හැකි සීමාව පිළිබඳ පැහැදිලි පණිවිඩයක් අධිකරණය මගින් ලබා දී ඇතැයි ද හෙතෙම පවසයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු හෙළිවන්නේ යැයි පාර්ලිමේන්තුව සමග ගැටුමක් නිර්මාණය කරගෙන විධායකය සහ ආණ්ඩුව අකර්මන්‍ය කිරීමේ වගකීම් විරහිත ක්‍රියාවලියක නිරත වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ඊයේ(11) දින කැබිනට් හමුව නොකැඳවීම නිසා කැබිනට් පත්‍රිකා 104ක සාකච්ඡාවට ගැනීමට සහ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ගොඩ ගැසී ඇතැයි ද මෙය හිතාමතා රාජ්‍ය අකර්මණ්‍ය කිරීමක් යැයි ද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස