ජනාධිපතිවරයා ගෝඨා නතර කරන්න සුපිරි තුරුම්පුවක් අදී! හෙට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න සූදානම්!

April 14, 2019 at 9:14 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලංකාදීප සහ සිරස රූපවාහිනි ආයතනවලට එළඹෙන අප්‍රේල් 15 වෙනිදා එනම් හෙට විශේෂ පුවතක් විකාශනය කිරීම සඳහා සූදානමින් සිටින ලෙස දන්වා ඇතැයි ආරංචි පවසයි.

මේ අනුව සිංහල අවුරුදු උණුසුම පිටම ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පැවසෙයි. මේ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අදාළ මාධ්‍ය ආයතන වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

19 වෙනි සංශෝධනය අනුව ධුරයේ සිටින ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්නේ නම් ඕනෑම මොහොතක ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇත.

මේ ආකාරයට වහාම ජනාධිපතිවරණය කැඳවීමේ අරමුණ තවමත් සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු අවසන් නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමෙන් වැළැක්වීමය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත නොහැකි වුවද ජනාධිපතිවරණය කැඳවන ජනාධිපතිවරයා එහි අපේක්ෂකයකු වන හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා අනිවාර්යෙන් ඒ සඳහා ඉදිරිපත් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන නිසා ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දීම හැර විකල්පයක් පොදුජන පෙරමුණ ඇතුළු ජාතිකවාදී කඳවුරට ඉතිරි නොවන බව ශිරාල් ලක්තිලක වැනි ජනාධිපතිවරයාට සමීප උපදේශකයන්ගේ අදහස වී තිබේ.

මේ සඳහා එජාපයේ සජිත් ප්‍රේමදාස මංගල සමරවීර ඇතුළු ප්‍රබලයන් පිරිසකගේ සහාය ජනාධිපතිවරයාට ලැබීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි. එහිදී සජිත් ප්‍රේමදාස අගමැති ධුරය සඳහා යෝජනා වී ඇතැයි ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස