ජනාධිපතිවණයේදී ලැබුණු තුන පහ කරගන්න ජවිපෙ සූදානම්!

December 31, 2019 at 1:27 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය තරඟ කළ යුතු ආකාරය පිළිබඳව එහි විධායක කමිටුව පුළුල් ලෙස සාකච්ඡා කොට තිබේ.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ එහිදී වැඩි අවධානය යොමුවූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආසන මට්ටමින් ක්‍රියාත්මක වූ එක් කොට්ඨාසයකින් ඡන්ද 150-200ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමේ වැඩපිළිවෙළ කෙරෙහි බවය.

ජනාධිපතිවරණයේදී ලබාගත් 3.18% ඡන්ද ප්‍රතිශතය මහ මැතිවරණයේදී 5% දක්වා වැඩි කර ගැනීමට සෑම උත්සාහයක්ම දරන ලෙස ජවිපෙ බිම් මට්ටමේ නායකයන්ට දැනුම් දීමේ වැඩපිළිවෙළක් මේ වන විටද දිවයින පුරා ක්‍රියාත්මක කොට ඇතැයි ලාල් කාන්ත කියයි.

කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, හම්බන්තොට, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ඉදිරි මහ මැතිවරණයේදී වැඩි බරක් තබන බවද ප්‍රකාශ කළ කේ.ඩී. ලාල්කාන්ත තමා ජාතික ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ඉදිරි මහ මැතිරණයේදී තරග කරන බවද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස