ජනාධිපතිතුමා ෂරියා නීතිය අයින් කරනවා නම් අපිත් කැමතියි! – තුෂාර ඉඳුනිල්

August 21, 2020 at 8:06 pm | by emanisa.lk

එක් රටක් තුළ එක් නීතියක් පැවතිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (20) කළ ප්‍රකාශය සමග එකඟ වන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ මුලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“එක රටක් තුළ එක නීතියක් යන්න අපි පිළිගන්නවා..ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි..එක රටක් තුළ එක නීතියක් තියෙනවා නම් මේ ස්ථාපිත කරන්න හදන්නේ උඩරට නීති, තේසවලාමේ නීති, ශරියා නීති ඒ සියල්ල අහෝසි කරනු ලැබු එක නීතියක් ද? එසේනම් අපිත් ඒකට බොහොම කැමතියි..”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස