ජනමතයට යහපාලන ගිවිසුම පරදී…! ජනපති තීන්දුවක් ගනී….! නැ. ජැටිය 100%ක් රට සතු වෙයි….!

January 30, 2021 at 8:42 am | by emanisa.lk

කොළඹ වරාය නැඟෙනහිර ජැටිය සඳහා කිසිදු විදෙස් ආයෝජනයක් ලබා නොගැනීමට සහ එහි කොටස් අයිතිය කිසිවෙකුට ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නැඟෙනහිර ජැටිය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන අතර වරාය අධිකාරිය යටතේ එහි සංවර්ධන කටයුතු සිදුවනු ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

නැඟෙනහිර පර්යන්තය ඉන්දීයාව සහ ජපානය සමග එකතු වී ගොඩනැඟීමට ගිවිසුම්ගත තිබුණේ 2018 වසරේ දී පසුගිය යහපාලන ආණ්ඩුව මගිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *