ජනපති වෙලා රාජපක්ෂලා විතරක් නෙමෙයි සජිතුත් අත්අඩංගුවට ගන්නවා…! රටේ ජනතාව එක හඬින් ඉල්ලන්නේ ඒකයි…!- ෆොන්සේකා….

August 16, 2022 at 8:11 pm | by emanisa.lk

මේ රටේ ජනතාව 98%ක් පවසන්නේ තමා රටේ නායකයා විය යුතු බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් ජනතා මුදල් හොරකම් කළ චමල්, මහින්ද, ගෝඨාභය වැනි සුළු පිරිසක් බිය නිසා ඊට විරුද්ධ බවත් ෆීලර්ඩ් මාර්ෂල් පෙන්වා දෙයි.

ජනතාව ඉල්ලා සිටින්නේ ද මහින්ද ගෝඨාභය අත්අඩංගුවට ගෙන හිරේ දමා සොරකම් කළ මුදල් නැවත ගන්නා ලෙස බව ද ඔහු සඳහන් කරයි.

තමා හැර කිසිවෙකු රාජපක්ෂලා අත්අඩංගුවට ගෙන ඔවුන් සොරකම් කළ මුදල් ලබා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව ද ෆොන්සේකා අවධාරණය කරයි.

අනාගත සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් යටතේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස සිය නායකයා සොරකම් කළහොත් ඔහු ද අත්අඩංගුවට ගන්නා බවයි, ෆීල්ඩ් මාර්ෂල් පවසන්නේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *