ජනපති රනිල් පොත් ගන්න යයි…!

September 22, 2022 at 7:39 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පෙරවරුවේ කොළඹ BMICH පරිශ්‍රයේ 23 වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ගියේය.

එහි දී පොත්හල් වෙත ගොස් පොත් කිහිපයක් මිලට ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එහි පැමිණි පාඨක පිරිස් සමග අදහස් හුවමාරු කර ගැනීමට ද සෙල්ෆී ඡායාරූපවලට පෙනී සිටීමට ද ජනාධිපතිවරයා අමතක කළේ නැත.

75 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සව අවස්ථාවේ දී පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවයි, එහි දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *