මගේ නිවස ගිනි තියන තැනට මිනිස්සු පත් කළේ සිරසයි…! – රනිල්…

July 11, 2022 at 5:45 pm | by emanisa.lk

සිරස රූපවාහිනිය සිදුකළ විනාශකාරී මාධ්‍ය භාවිතය නිසා සිය නිවස විනාශ වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය ජුලි මස 9 වනදා පක්ෂ නායක හමුවේ දී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටවූ පසු තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට කළ ප්‍රකාශය විකෘති කරමින්, තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ බව පවසමින් රවුෆ් හකීම් තැබූ ට්විටර් පණිවිඩය සිරස ඇතුලු සි⁣යලු මාධ්‍ය පුචාරය කළ බව හෙතෙම සඳහන් කරයි.

ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් එම ප්‍රකාශය නිවැරදි කරමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර සෙසු මාධ්‍ය එම ප්‍රකාශය පළ කළ නමුත් සිරස එම ප්‍රකාශ පළ නොකළ බවත් පසුව තමන් සිරස බලධාරීන්ට තුන් වරක් කතාකර “මේක මෙහෙම කරන්න එපා. මෙහෙම කළොත් පෙන්වා
මිනිස්සු අපේ ගෙවල් ගිණි තියයි” කියා පැවසූ බවත් ඒ පිළිබඳව සිරස කිසිදු අවධානයක් යොමු නොකොට අවසානයේ තමන්ගේ නිවස අසල කලහකාරීව හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයත් තමාගේ නිවෙසට පැමිණෙන මාර්ග පවා පෙන්වමින් සිදුකළ ප්‍රචාරය නිසා අවසානයේදී තමන්ගේ නිවෙස ගිනිබත් වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

හෙතෙම මේ අදහස් පල කළේ අද (11) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අගමැතිවරයා එහි දී සඳහන් කළේ රට සාමාන්‍ය තත්ත්වයට හැරවීමට අවුරුදු හතරක කාලයක්වත් යන බවට IMF සංවිධානයත් ප්‍රකාශ කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරන්නේ තමාට ලංකාවෙත් විදෙස් රටවලත් ඇති එකම නිවාසය ගිනිබත් වූ බවත් එම නිවාසයේ තිබුණු වටිනාම දේ තමාගේ පුස්තකාලය බවත්ය.

තමන්ගෙන් පසු මෙම නිවස පුස්තකාලය හා වටිනා චිත්‍ර කෙළඹ රාජකිය විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැවරීමට සුදානම්ව සිටි බවයි, රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *