ජනපති දළදා හිමි වැඳපුදා ආශීර්වාද ලබා ගනී!

July 13, 2020 at 9:53 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ආශීර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ දියවඩන නිළමේ නිලංග දෑල විසිනි.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධර්ම හිමිවරු ද අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ජිනරතන, අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි, ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිවරු ද බැහැ දැක සුවදුක් විමසා ආශීර්වාද ලබා ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස