ජනපතිට ඕන විදිහට වැඩ බලන ඇමතිලා පත්කරන්න බෑ! ඒකට මගේ නිර්දේශ ඕන! – අගමැති

June 13, 2019 at 10:42 am | by emanisa.lk

ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ රවුෆ් හකීම් ඇමතිවරුන් වෙනුවට ජනපති අභිමතයට අනුව වැඩබලන ඇමතිවරුන් පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් මගින් දන්වා තිබේ.

19 වෙනි ව්‍යස්ථා සංශෝධනය අනුව වැඩබලන බලන ඇමතිවරයකු පත් කිරීමට නම් අගමැති විසින් නිර්දේශ කළ යුතු බවත් තමා නිර්දේශ කළ රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවට බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන සහ අනෝමා ගමගේ ඒ සඳහා පත් කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් එමගින් පෙන්වා දී තිබේ.

කෙසේ වුවද එජාප නායකයාගේ මතයට පටහැනිව එජාප ඇමතිවරු පිරිසක්ම එම ඇමති ධුරවල දිවුරුම් දීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස