ජනපතිගේ බුදු පිළිමය සහ පොත් මා ළඟ…! ආපසු දෙන්න සූදානම්…! – ජනපති ලේකම්ට ඇමතුමක්…

September 4, 2022 at 6:57 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසින් සොරා ගත් බුදු පිළිමය සහ පොත් තමා සතුව සුරක්ෂිතව ඇති බවට පුද්ගලයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකතන ඇමැතුමක් ලබා දී පවසා තිබේ.

ජනපති නිවස ගිනි තැබූ දින අදාළ බුදු පිළිමය සහ පොත්පත් සොරා ගත් බවත් ඒවා නැවත භාර දීමට උවමනා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත්පත් ළඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන කාරණයක් බැවින් නැවත ඒවා අයිතිකරුට ලබාදිය යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක අදාළ දුරකතන ඇමැතුම පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *