ජනතා ඡන්දය අභියෝගය භාරගත් රනිල්ගේ කණ්ඩායමටයි..! – එජාප මහ ලේකම්…

January 12, 2023 at 12:15 pm | by emanisa.lk

එළඹෙන පළාත් පාලන මැතිවරණයට එජාපය සහ පොදුජන පෙරමුණ සමග දේශපාලන පක්ෂ සහ සංවිධාන 69ක් සන්ධානගතව තරඟ වදින බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩා පවසයි.

එහි දී තම සන්ධානයට කිසිවෙකු තර්ජනයක් නොවන බවයි, එජාප මහ ලේකම්වරයා අවධාරණය කළේ.

මැතිවරණයකින් සිදුවන්නේ රට හමුවේ ඇති අභියෝග භාර ගැනීම බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එය ඉටුකර නොහැකි වූ අවස්ථාවේ වගකීම් භාර ගන්නා ලෙස පළමුව සජිත් ප්‍රේමදාස සහ සරත් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටිය ද ඔවුන් පළා ගිය බව ද රංගෙබණ්ඩාර පෙන්වා දුන්නේ ය.

අවසානයේ එම අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් ජනතාව මැතිවරණයේ දී සලකා බැලිය යුත්තේ අභියෝගය භාරගත් නායකයා කවුද යන්න බවත් එජාප මහලේකම්වරයා වැඩි දුරටත කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *