ජනතාව දේශපාලකයින් දිහා වෛරයෙන් බැලීම අසාධාරණයි…! අපි දුවන්නේ අවුරුදු 10ක් පරණ වාහන කබල්වලින්…! – ඇමැති නාලක ගොඩහේවා….

June 14, 2021 at 10:28 pm | by emanisa.lk

ජනතාව හිතන ආකාරයේ සුඛෝපභෝගී වාහන දේශපාලකයින් ළඟ නොමැති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.

ඇමැතිවරයෙකුට ලැබෙන්නේ ඊට පෙර ඇමැතිවරයා පාවිච්චි කළ වාහනය නොව ඊටත් කලින් ඇමැතිවරයා භාවිත කළ වාහනය බව ද ඔහු අනාවරණය කරයි.

බොහෝ විට පහුගිය ආණ්ඩුවේ ඇමැතිවරයා භාවිත කළ වාහනය අනතුරුව නිලධාරියෙකු විසින් තම භාවිතයට ගැනීම යථාර්ථය බව ද ඇමැතිවරයා හෙළි කරයි.

තමාට ඇමැතිවරයෙකු ලෙස වාහන තුනක් හිමි වුව ද ලැබී ඇති වාහන තුනෙන් දෙකක් අබලන් වී ගරාජයට දමා ඇති බවත් තමා දැන් ගමන් බිමන් යන්නේ රජයෙන් ලැබුණු වාහනය සහ තවත් පෞද්ගලික වාහන දෙකක් භාවිත කර බවත් ඇමැති ගොඩහේවා ප්‍රකාශ කරයි.

දේශපාලකයින් දෙස වෛරයෙන් නොබලන ලෙස ද දේශපාලකයින්ගෙන් ජනතාව බලාපොරොත්තු වන දෑ සාධාරණ ද කියා විමසා බලන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *