ඡන්ද ලක්ෂ 15ක්ම තියෙන අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රී! – දයාසිරි

March 17, 2019 at 8:51 am | by admin

ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන්නේ නම් ඊට පෙර ලංකා නිදහස් පක්ෂය නිසි ලෙස ගොඩනගා ගත යුතු බව එහි මහලේකම් දයාසිරි ජයසේකර පවසා සිටියි. පොදුජන පෙරමුණේ රැස්වීම්වලට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට නොයන්නැයි තමා දැනුම්දුන් බව ද හෙතෙම පවසයි.

ජනබලය ගොඩනගමු මැයෙන් අද (16) මහනුවර පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර සාකච්ඡාවලට සමාන යැයි මහ ලේකම්වරයා පෙන්වා දෙයි. සාකච්ඡා ආරම්භ වූ වහා ශ්‍රී ලංකා ආණ්ඩුවට යාපනයට ගොස් සෙල්ලං දාන්න දුන්නේ නැතැයි ද ඔහු සිහිපත් කළේය.

එළඹෙණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඡන්ද ලක්ෂ 65ක් උවමනා බවත් තම පක්ෂයට ඡන්ද ලක්ෂ 15ක් ද පොදුජන පෙරමුණට ඡන්ද ලක්ෂ 39ක් ඇති බවත් පැවසූ මහ ලේකම්වරයා තමන් පොදුජන පෙරමුණ සමග එකතු නොවුණහොත් එහි අපේක්ෂකයාට ඡන්ද ලක්ෂ 25-30ක් සොයා ගැනීමට සිදුවනු ඇතැයි ද පැවසීය. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා යැයි පැවසීමට අයිතියක් ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

තම පක්ෂයට පොදුජන පෙරමුණ සමඟ හෝ එක්සත් ජාතික පක්ෂයයේ උපකාරයෙන් මැතිවරණ ජය ගැනීමට අවශ්‍ය නොවන බවත් ඊට ප්‍රථමව නිදහස් පක්ෂය ගොඩනගාගැනීම සිදුකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස