ඡන්ද ඉල්ලන්නේ ගොන්නු…! ජනතාව ඉල්ලන්නේ සංවර්ධිත රටක්…!

October 18, 2022 at 5:18 pm | by emanisa.lk

මේ අවස්ථාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රශ්න කරයි.

අද (18) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර, ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා මිස කළ යුත්තේ මැතිවරණවලට යාම නොවේ යැයි ද කීය.

ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාව පීඩනයෙන් ඉන්නවා දකින්න කාටවත් කැමැත්තක් නැතැයි ද හෙට දවසේ පෝලිම් නැති වැඩපිළිවෙළකට යා යුතු බව ද ශාන්ත බණ්ඩාර පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *