ඡන්දෙන් දිනන්නේ මාලිමාව කියලා බුද්ධි අංශ වාර්තා 08ක් තහවුරු කළා…! – ලාල්කාන්ත…

February 19, 2023 at 1:28 pm | by emanisa.lk

ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මැතිවරණය නොපැවත්වුවහොත් නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලු පළාත් පාලන ආයතන අකර්මන්‍ය වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මීට මාසයකට පමණ පෙර කිසිවෙකු හමු වී විට අපි ඡන්දේ දෙන්නේ මාලිමාවට යැයි පැවසූ අය දැන් ඡන්දය පැවැත්වේ දැයි විමසන තැනට දෙගෙඩියාවට පත්ව ඇතැයි ද ලාල්කාන්ත සඳහන් කළේය.

පාලකයින් ඡන්දය කල් දැමීමට හේතුව මෙතෙක් කල් රට පාලනය කළ වළව්වලට බලය අහිමි වන බවට සහ මාලිමාවට බලය හිමි වන බවට බුද්ධි අංශ වාර්තා 08ක් තහවුරු කිරීම බව ද කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේග වෛද්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *