ඡන්දෙට ආණ්ඩුව සල්ලි නුදුන්නොත් උසාවි යනවා…! – මැ.කො.

February 7, 2023 at 1:37 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මූලික වියදම් සඳහා මුදල් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා නොදුනහොත්, ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බව එහි සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු මැතිවරණයක දී දායකත්වය ලබාදෙන ආයතන, අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක් ඉල්ලූ බව සභාපතිවරයා සඳහන් කළේ ය.

පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට හා එම ඡන්දය පැවැත්වීම අත්හිටුවිය යුතු යැයි ඉල්ලා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වීමට නියමිතව ඇති බව සඳහන් කළ සභාපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දුව භාරගත යුතු බව පෙන්වා දුන්නේ ය.

ඡන්දය සඳහා අවශ්‍ය අත්තිකාරම් මුදල් ඒ ඒ ආයතනවලට ලබා දීමට අවශ්‍ය මුදල් නොලැබුණහොත් ඡන්ද විමසීම ප්‍රකාශිත දිනයේ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද හෙතෙම අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *