චීන අශූචි පොහොර වරායට ගොඩබාන්නවත් ඉඩතියන්නේ නෑ..! – සමගි ජන බලවේගය…

October 16, 2021 at 2:48 pm | by emanisa.lk

ශාක නිරෝධායන මධ්‍යස්ථානය මගින් බැක්ටීරියා සහ මිනිස් මළ ද්‍රව්‍ය අඩංගු බව ප්‍රකාශ කර හරවා යැවූ චීන පොහොර නැව නැවත ලංකාවට පැමිණේ දැයි සැකයක් පවතින බව සමගි ජන බලවේගය පවසයි.

චීනය එම පොහොර භාරගන්නා ලෙස රජයට බලපෑම් කරන බවත් එම නැව නැවත සිංගප්පූරුවේ සිට කොළඹ බලා එන බවට තොරතුරු ලැබී ඇති බවත් එම පක්ෂයේ නලීන් බණ්ඩාර අනාවරණය කරයි.

පරම්පරා ගණනකට පොළොව විනාශ කරන මෙම චීන කසළ පොහොර ගොඩබෑමට ඉඩලබා නොදෙන ලෙස ගොවීන්ට බලකරන බව ද හෙතෙම පවසයි.

ඒ වෙනුවෙන් සිය පක්ෂය ගොවි ජනතාව සමග එකතු වී කළ හැකි සියල්ල කරන බවත් නලීන් බණ්ඩාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *