ගෝඨා මහා විශ්වකර්මයෙක් නෙමේ! මහින්ද පරාජය කළ අපට ගෝඨා ගේමක් නෑ! – ඇමති පී. හැරිසන්

March 18, 2019 at 7:13 am | by admin

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට යෝජිත පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය සමග එක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාරිමාර්ග කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පවසයි.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ වහාම ඒ බව රටේ ජනතාවට බලා ගත හැකි බවත් ඔහු පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග වදින බව කීම අලුත් දෙයක් නොවෙයි.මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරණයට තරග කොට පරාජය වූ එකේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කියන්න දෙයක් නෑනෙ. සමහරු හිතාගෙන ඉන්නෙ ගෝඨාභය කියන්නෙ මහා විශ්මකර්මයෙක් කියල. ඔහු ගැන අපට වැඩිය රටේ ජනතාව දන්නව. ජනාධිපතිවරණයේදී මොකක්ද වෙන්නෙ කියල බලා ගත හැකියි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැඟීමට යන සන්ධානයේ මූලික සාකච්ඡාව සාර්ථකයි කියල ඒ අය කියනව. එම සාකච්ඡා සාර්ථකයි කියන්නෙ කොහොමද. ඒ සාකච්ඡුාවට ගිය කීපදෙනාම පසුගිය ජනාධිපතිවරණයේදී හිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුරේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සාකච්ඡාවට සහභාගී වූ තිලංග සුමතිපාල මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කහට උගුරක්වත් ලබා දුන්නේ නෑ. එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හිටං හුටං කිය කියා දොස් කියමින් වේදිකා ගානෙ කෑ ගැහැව්වට ජනාධිපතිවරයාට ඡන්දයක්වත් දුන්නෙ නෑ.

ඔය සන්ධානයක් ගොඩනගන්න සාකච්ඡා කරන කණ්ඩායම ඒ කාලෙත් හිටියේ මහින්ද රාජපක්ෂ මහතාත් සමඟ. ඒක අලුත් දෙයක් නොවෙයි. ඒ නිසා ඔවුන්ට නැවත බලයක් නොදීමට රටේ ජනතාව දැනටමත් තීන්දු කරල ඉවරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *