ගෝඨා දඩයමට සැරසෙන ආණ්ඩුවේ ඊළඟ තුරුම්පුව ෆොන්සේකා අභ්‍යන්තර කටයුතු ඇමති කිරීමයි!

April 13, 2019 at 11:13 pm | by admin

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන වජිර අබේවර්ධන යටතේ පවතින අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා විය.

මෙහි අරමුණ දැනට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුවක මැදි වී සිටින එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රබලතම අපේක්ෂකයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිර කිරීමට බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් සිය පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා ඇමරිකාවට අදාළ ලියකියවිලි භාර දී ඇති හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පුරවැසිභාවය අහෝසි කරගත් පසු දැනුම්දිය යුත්තේ අභ්‍යන්තතර කටයුතු අමාත්‍යංශයටය. එහිදී අදාළ කටයුුතු පිළිබඳ අවසන් බලධාරියා වන්නේ ඇමති සරත් ෆොන්සේකාය.

මෙමගින් ගෝඨාභය සමග දැඩි වෛරයකින් කටයුතු කරන සරත් ෆොන්සේකා යොදවා ගැටුමක් ඇති කර ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය වැළැක්වීම අරමුණ වී තිබේ. කෙසේ වුවද මේ පිළිබඳ මෙතෙක් ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන නොමැත. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට මේ වන විට සරත් ෆොන්සේකාට චෝදනා එල්ල වී ඇත.

ඇමරිකාවේ දී තමාට එරෙහිව කොටි ඩයස්පෝරාව නඩු පැවරීම පිටුපස එහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සිටින බව ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කළේය. එහි කොන්සල් ජනරාල් කටයුතු කරන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නැන්දාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස