ගෝඨා ජනාධිපතිවරණයට තරඟ කළොත් ඔහුට ජය හිමිවන බව විරුද්ධවාදීන් පිළිගනී! පුරවැසිභාවය ඉවත් කර ගැනීම වැළකීමට ඇමරිකානු අධිකරණයට දුවයි!

April 8, 2019 at 10:57 am | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසියක් භාර දී තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ බවට ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ගොනුකර ඇති පෙත්සමක් අනුව මෙම සිතාසිය භාර දී තිබේ.

සිය මිතුරකු වන සංජීව ගුණසේකරගේ දියණියගේ විවාහ මංගල්‍ය සඳහා සහභාගී වීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ දිනවල ඇමරිකාවට ගොස් තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ දිනවල එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ හමුදාපති සරත් ෆොන්සේකා යටතේ ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලියක් විසින් ලසන්ත ඝාතනය කළ බවය. මේ වන විට හිටපු හමුදාපතිවරයා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කැලණිය ආසන සංවිධායකය.

එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරන පසුබිමක වසර 10කට පෙර සිද්ධියක් පිළිබඳ මෙම පෙත්සම ඉදිරිපත් වන්නේ ඊට බාධා කිරීමේ අරමුණින් වීමට ඉඩ තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා තරග කළහොත් ඔහු ජයග්‍රහණය කරනු ඇති බව බොහෝ සමීක්ෂණවලින් තහවුරු වී තිබේ. ඇමරිකානු බුද්ධි මණ්ඩලයක් ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂ කණ්ඩායම නැවත බලයට පත්වීම වැළැක්විය නොහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස