ගෝඨා එළවන සටනේ මහ මොළකරු මමයි…! – රාජිත…

November 13, 2022 at 9:34 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ඉදිරිපිට විරෝධතාව සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට උපදෙස් ලබා දුන්නේ තමා බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එදා හිරුණිකා ආරම්භ කළ විරෝධතාව ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන තුරු ඇවිලී ගිය බව ද ඔහු පෙන්වා දෙයි.

එම විරෝධතාව පැවැත්වෙන බව දැන සිටියේ තමාත් හිරුණිකාත් එකම මාධ්‍යවේදියෙකු පමණක් බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස වටලන යුතු බුද්ධි අංශ පවා එය නොදැන සිටි බවත් හිරුණිකා සමග පැමිණි කාන්තාවන්ට ද එය අවසාන මොහොත දක්වා රහසක් වූ බවයි, රාජිත සේනාරත්න අනාවරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *