ගෝඨා ආවොත් දියුණු විනයගරුක අලුත් රටක් හැදෙනවා!

February 23, 2019 at 8:27 am | by admin

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් රටට අලුත් දියුණුවක් විනයක් ඇති වන බව ජනතාව දන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසයි. එසේම ජනතාව ඡන්දය දෙන්නේ රාජපක්ෂ පවුලට නොව ඔවුන් විසින් රටට කළ සේවයට බව ද හෙතෙම පෙන්වා දෙයි.

“ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට ඡන්දය දෙන්නේ යුද්ධය මෙහෙයවලා යුද්දෙන් පස්සේ මේ රටේ ආරක්‍ෂක ලේකම් විදිහට ඉඳලා යූ.ඩී.එක අරගෙන රටේ නව සංවර්ධන වැඩපිළිවෙළක් හදලා විනයක් හදපු නායකයා විදිහටයි. ඉතින් පවුල් දේශපාලනයට ඡන්දය දෙන්නේ නැහැ. මිනිස්සු දන්නවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ආවොත් අලුත් දියුණුවක්, විනයක් ඇති වෙන බව ඔවුන් රාජපක්‍ෂ පවුලෙන් ඇවිත් ජනතාවට එය ඒත්තු ගන්වලා අවසානයි.”

“මෙහෙමනේ මිනිස්සු ඡන්දය දෙන්නේ රාජපක්‍ෂ පවුල නිසා නෙවෙයිනේ. මිනිස්සු ඡන්දය දෙන්නේ ඒ දෙන්නා කරපු කාර්යයන් බලලා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දෙන්නේ මේ රටේ තිබුණු යුද්ධය අවසන් කරලා රටේ යෝධ සංවර්ධන ව්‍යාපාරයක් කරලා ජනතාවට යහපතක් කරපු නායකයා විදිහටයි.”

මන්ත්‍රීවරයා පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙමින් මෙම අදහස් පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *