ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වීම හරිම භයානකයි! ජනතාව 2015 ඉඳලා ආයේ රට භාරගන්න කියලා මගෙන් ඉල්ලනවා! – චන්ද්‍රිකා (video)

August 12, 2019 at 1:18 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම ඉතාම භයානක බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

වසර 09ක් ගෝඨාභයට සිය සහෝදරයා සමග එකතු වී රට තැනීමට අවස්ථාව ලබා දුන්න ද එය ඔවුන් ඉටු නොකළ බවත් එම රජය ඉතාම දූෂිත බවත් ඇය හෙළි කළාය. එකල දූෂණය නිසාම රටේ ආර්ථිකය බංකොලොත් වී පැවති බවත් ගජ මිතුරන් කිහිප දෙනෙකුට හැර කිසිවකුට ආර්ථික ප්‍රතිලාභ හිමි නොවූ බවත් හිටපු ජනාධිපතිනිය අනාවරණය කළාය.

රාජපක්ෂලා යුද්ධය නිමා කළ ද ඉන් තුන්කාලක් අවසන් කළේ තමා බවත් ඇය ප්‍රකාශ කළාය. එකල කොටි තර්ජන පැවති තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට එකල පාලකයන් කටයුතු කළ බවත් පැවසුවාය.

2015 දී පදික වේදිකාවේ දී හමු වන ජනතාව පවා නැවත රට භාර ගන්නා ලෙස ඉල්ලා සිටිය ද දෙවරක් ජනපති ධුරයට පත් වූ අයකු ලෙස තමන් ඊට අකමැති වූ බව ද සඳහන් කළාය.

මේ වන විට ශ්‍රීලනිපය නැත්තටම නැති කර දමා ඇති බව සඳහන් කළ ඇය සමහරු ශ්‍රීලනිපය එජාපයට සහාය දක්වනවාට විරුද්ධ වුවත් පක්ෂයට වඩා රට වැදගත් බව අවධාරණය කළාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස